April 27, 2024

"මට විශ්වාස කරන්නත් බැරි වුණා - මම මුහුණ සෝදලත් බැලුවා" - වාර්තා ගත පරාජයකට මුහුණ දුන්නු ඉන්දියාවට හිටපු වේග පන්දු යවන්න විහිළු කරයි

December 19, 2020

ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ දැවැන්තම පරාජයට අද (19) දිනයේ දී මුහුණ දීමට විරාට් කෝලි නායකත්වය දරන ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමට සිදුවිය.

ඒ මේ දිනවල පැවැත්වෙන ඕස්ට්‍රේලියානු ටෙස්ට් ත්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ දීය.

ඉන්දියාව සිය පළමු ඉනිමට ලකුණු 244ක් රැස් කර ගැනීමට සමත් වූ අතර ඕස්ට්‍රේලියාවට පළමු ඉනිමට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 191ක් පමණයි.

ලකුණු 53ක් අතැතිව තම ඉනිම ආරම්භ කළ ඉන්දියාවට ඉතිහාසගත පරාජයකට මුහුණ දීමට සිදුවිය. ඒ ඉන්දියානු කණ්ඩායමේ දෙවැනි ඉනිම තුළ 36කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් සමත් වීමත් සමඟයි.

එහිදී කිසිදු ඉන්දියානු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට හැකියාවක් නොලැබුණි.

ක්‍රිකට් ලෝකය තුළ දැඩි අවධානයකට මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ ප්‍රේක්ෂකයන් ඉන්දියානු කණ්ඩායම හාස්‍යයට ලක් කරන අවස්ථා මෙන්ම සිය කණගාටුව ප්‍රකාශ කර අවස්ථාවන්ද දැකගත හැකි විය.

මේ අතර පාකිස්ථානයේ හිටපු සුපිරි වේග පන්දු යන්නෙකු වන ශොයිබ් අක්තාර් විසින් ද ඉන්දියානු කණ්ඩායමේ මෙම වාර්තා ගත පරාජය පිළිබඳව ට්විටර් සමාජ ජාලයේ අදහස් පළ කර තිබුණි.

ඔහු එහිදී කියා තිබුණේ "මම අවදි වී බලන විට ලකුණු 369ක් දැක්කා.. මට විශ්වාස කරන්න බැරි වුණා.. මම මුහුණ සෝදලා ආයෙත් බැලුවා.. එතකොට මම දැක්කේ 36/9ක් කියලා.. මට එය විශ්වාස කරන්න බැරි වුණා, ඒ නිසා මම නැවත නින්දට ගියා.." යැයි අක්තාර් විසින් සිය ට්විටර් ගිනුමේ පළ කර තිබුණි.

කෙසේ වෙතත් පසුව ඔහු විසින් තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ මෙම පරාජය ඉන්දියාව පහසුවෙන් අමතක නොකරනු ඇති බවත්, ඉන්පසු තරගය සඳහා ශක්තිමත්ව පැමිණිය යුතු බවත් සඳහන් කර තිබුණි.

එම ට්විටර් සටහන පහතින්,

Rate this item
(5 votes)