May 03, 2024

ළිඳෙහි සිරවුණු දරුවා මියයයි (VIDEO)

February 06, 2022

ලෝකයේම අවධානය දිනාගත් උතුරුදිග මොරොක්කෝවේ ළිඳකට වැටුණු දරුවා බේරාගැනීමට පෙර මරණය පත් වූවා.

දරුවා එම ළිඳ තුළ දින 05ක පමණ කාලයක් සිර වී සිටියා.

පසුගිය අඟහරුවාදා මෙම අනතුරට මුහුණ දුන්නේ රයාන් නමැතිි පස් හැවිරිදි දරුවෙක්.

සෙල්ලමෙහි යෙදෙමින් සිටි අතරතුරේ ඔහු එම ළිඳට වැටී තිබුණු අතර එය අඩි 100ක් පමණ ගැඹුරු වූ ඉතා පටු විදුම් ළිඳක් බව සඳහන්.

දරුවා බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව ඇති කණ්ඩායම් විසින් කැමරාවක් යවා දරුවාව පරීක්ෂා කිරීමට ක්‍රිටා කළ අතර එහි දී අනාවරණය වූයේ ඔහු ජීවතුන් අතර සිටින බව යි.

දරුවා හුස්ම ගන්නා අයුරුත් සෙළවෙන අයුරුත් එම වීඩියෝවන්හි සටහන්ව තිබූ නමුත් ඔහුගේ නාසයෙන් සහ හිස පෙදෙසෙන් රුධිරය වහනය වෙමින් පවතින බව ද නිරීක්ෂණය වූවා.

ඔහු ජීවතුන් අතර සිටින බව අනාවරණට කර ගැනීමෙන් අනතුරුව නළ මාර්ගයෙන් දරුවාට අවශ්‍ය ඔක්සිජන් ලබා දීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් කටයුතු කළා.

දරුවා වැටුණු ළිඳෙන්ම ඔහු පිටතට ගැනීම සඳහා ළිඳ පළල් කිරීම ඉතා භයානක කටයුත්තක් වූයේ එම ස්ථානයේ පස ඉතා බුරුල් බැවින් දරුවා මතට පස් කඩා වැටී ඔහුගේ ජීවිතය අනතුරට පත් වීමේ ඉඩ කඩ වැඩි වීම හේතුවෙන්.

එබැවින් ජීවිතාරක්ෂක කණ්ඩායම්වල අරමුණ වූයේ ළිඳට සමාන්තරව පොළව හාරා දරුවා සිටින උස මට්ටමේ දී හරස් අතර කැණීම තුළින් ඔහු බේරා ගැනීම යි.

ජීවිතාරක්ෂක කණ්ඩායම්වලට සිය සහය ලබා දීමටත්, ඔවුන්ව දිරිමත් කිරීමටත් විශාල පිරිසක් අදාළ ස්ථානයට පැමිණ සිටියා.

කෙසේ වෙතත් මොරොක්කෝ ජාතිය පමණක් නොව ලෝකයම හඬවමින් රාත්‍රියේ දී ළිඳෙන් පිටතට ගැනීමට හැකි වූයේ කුඩා රයාන්ගේ නිසළ සිරුර යි.

මේ අතර මොරොක්කෝවේ රජු වන 06 වැනි මොහොමඩ් රජතුමා ද රයාන්ගේ පවුලට සිය ශෝකය පළ කොට තිබෙනවා.

https://pbs.twimg.com/media/FK3oyIhXoAAtPw4?format=jpg&name=large

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 February 2022 09:05