May 03, 2024

ළිඳෙහි සිරවුණු දරුවා බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත්

February 05, 2022

උතුරුදිග මොරොක්කෝවේ ළිඳකට වැටුණු දරුවා බේරාගැනීමේ මෙහෙයුම් මේවන විටත් සිදුවන බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මේවන විට දරුවා එම ළිඳ තුළ දින 05ක පමණ කාලයක් සිර වී සිටිනවා.

පසුගිය අඟහරුවාදා මෙම අනතුරට මුහුණ දුන්නේ රයාන් නමැතිි පස් හැවිරිදි දරුවෙක්.

සෙල්ලමෙහි යෙදෙමින් සිටි අතරතුරේ ඔහු එම ළිඳට වැටී තිබුණු අතර එය අඩි 100ක් පමණ ගැඹුරු වූ ඉතා පටු විදුම් ළිඳක් බව සඳහන්.

මේ අතර දරුවා බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව ඇති කණ්ඩායම් විසින් කැමරාවක් යවා දරුවාව පරීක්ෂා කර ඇති අතර ඔහු ජීවතුන් අතර සිටින බව එහි දී අනාවරණය කරගෙන තිබෙනවා.

Image

නළ මාර්ගයෙන් දරුවාට අවශ්‍ය ඔක්සිජන් සහ ජලය ආදිය ලබා දෙන බව පැවසෙනවා.

මොරොක්කෝවෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ දරුවා පිටතට ගැනීම සඳහා ළිඳ පළල් කිරීම ඉතා භයානක කටයුත්තක් බව යි.

එම ස්ථානයේ පස ඉතා බුරුල් බැවින් දරුවා මතට පස් කඩා වැටී ඔහුගේ ජීවිතය අනතුරට පත් වීමේ ඉඩ කඩ වැඩි බව සඳහන්.

එබැවින් ජීවිතාරක්ෂක කණ්ඩායම්වල අරමුණ වී ඇත්තේ ළිඳට සමාන්තරව පොළව හාරා දරුවා සිටින උස මට්ටමේ දී හරස් අතර කැණීම තුළින් ඔහු බේරා ගැනීම යි.

මේ අතර ජීවිතාරක්ෂක කණ්ඩායම්වලට සිය සහය ලබා දීමටත්, ඔවුන්ව දිරිමත් කිරීමටත් විශාල පිරිසක් අදාළ ස්ථානයට පැමිණ සිටින බව වාර්තා වෙනවා.

එමෙන්ම මේවන විට ලොව පුරා සමාජ ජාල පරිශීලකයින්ගේ අවධානය රයාන් වෙතට යොමුව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 February 2022 08:07