April 30, 2024

ඉන්දියාවේ ඉහළම හමුදා ප්‍රධානියා රැගත් යානය කඩා වැටෙයි (VIDEO)

December 08, 2021

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කූනූර්හී දී ගුවන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක්.

ඉන්දියාවේ ඉහළම හමුදා නිලධාරියා ලෙස සැළකෙන එරට ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් මහතා ද මෙම යානය තුළ සිට ඇති බව මේවන විට තහවුරු වී තිබෙනවා.

නිල නොවන පුවත් වාර්තා පෙන්වා දෙන්නේ ජෙනරල් රාවත් මහතා මෙම ගුවන් අනතුරින් මරණයට පත්ව ඇති බව යි.

ඒ මහතාට අමතරව ඔහුගේ කාර්ය මණ්ඩලය සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද යානය තුළ සිට ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා.

ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඊට අමතරව ඉහළ පෙළේ ඉන්දීය හමුදා ප්‍රධානීන් කිහිපදෙනෙකු ද මෙහි සිට ඇති බව යි.

කඩා වැටුණු යානය ගිනිගනිමින් පවතින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සහ ඡායාරූප ද අප වෙත ලැබී ඇති අතර එහි තිබූ මළ සිරුරු මේවන විට එම ස්ථානයෙන් ඉවත් කොට ඇති බව සඳහන්.

තමිල්නාඩුවේ වෙලිංටන් හමුදා රෝහල වෙත සිරුරු රැගෙන යාමට ක්‍රියා කර ඇති බව වාර්තා වෙනවා.

Image

Image

Image

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 17:22