April 26, 2024

ප්‍රතිකාර හැර සියලු දේ දුන් අමුතුම තාලේ රෝහලක් වටලයි

තායිලන්තයේ පොලීසිය සහ හමුදාව එක්ව දියත් කළ මෙහෙයුමකින් පසුව එරට ක්‍රියාත්මක වූ අමුතුම ආකාරයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වටලන්නට සමත්ව තිබෙනවා.

කොරෝනා වසංගතයට ගොදුරුව සිටින අය සඳහා ප්‍රතිකාර කිරීමට තාවකාලිකව ඉදිකර ඇති මෙම රෝහලට මෙලෙස ආරක්ෂක අංශයන් කඩා වැදී ඇත්තේ එහි සිදුවන ක්‍රියාකාරම් පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

එහිදී එහි ප්‍රතිකාර ගන්නා පිරිස් විසින් මත්ද්‍රව්‍ය පානය, සූදු ඇල්ලීම, සමූහ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදී ඇති බවට තොරතුරු ආරක්ෂක අංශයන් වෙත ලැබී තිබෙනවා.

එම රෝහලේ තිබෙන සිසිටිවී දර්ශනයන් ද ආරක්ෂ අංශයන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබුණු අතර එහිදී මෙම කාරණා හෙළිවී තිබෙනවා.

මෙහිදී කාන්තා රෝගීන් සහ පිරිමි රෝගීන්ව වෙන් වෙන්ව තබා තිබුණත් මෙම පිරිස් දෙපැත්තටම ගමන් කරන බවද වීඩියෝ දර්ශනවලින් හෙළි වූ නමුත් එම දර්ශන හරිහැටි පැහැදිළි නොවීම නිසා එලෙස ගිය පුද්ගලයින් සොයා ගන්නට හැකියාවක් ලැබී නැහැ.

මෙහිදී දුම්වැටි පැකට් 20ක්, ස්වයංක්‍රීය දූම් උරනයන් ඇතුළු මත්ද්‍රව්‍ය ද එම රෝහල තුළ තිබී සොයාගෙන තිබුණු අතර සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොතිබුණු අතර තරයේ අවවාද කරන්නට ආරක්ෂ අංශ විසින් කටයුතු කර තිබුණා.

Rate this item
(0 votes)