May 06, 2024

ස්වර්ණභූමි ගුවන්තොටුපොළ අසල දැවැන්ත පිපිරීමක් (PHOTOS)

තායිලන්තයේ අන්තර්ජාතික ගුවන්තොටුපළ අසළ ඇති රසායනික ද්‍රව්‍ය ඇති කර්මාන්තශාලාවක් තුළ හදිසි පිපිරීමක් ඇතිව තිබෙනවා.

මෙලෙස පුපුරා ගොස් ඇත්තේ ප්ලාස්ටික් නිෂ්පාදනාගාරයක් බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ.

පිපිරීම නිසා දැනට පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ගිනි නිවන භටයෙකු මියගොස් ඇති බවත් වාර්තා සඳහන්.

අද (05) අලුයම කාලයේ බැංකොක් නුවර ස්වර්ණභූමි ගුවන්තොටුපළ අසළ තිබෙන “මින්ග් ඩි කෙමිකල්” කර්මාන්තශාලාව මෙලෙස පුපුරා ගොස් තිබුණා.

කාර්මාන්තශාලාවේ තවත් පිපිරීම් සිදුවිය හැකි බවට ගිනි නිවන අංශ විසින් පවසා තිබෙන අතර පුපුරා ගිය කර්මාන්තශාලාව අසළ පදිංචි පුද්ගලයින් 500 පමණ දෙනෙකු එම ස්ථානයේ ඉවත් කර තිබෙනවා.

පුපුරා ගිය ස්ථානයේ සිට මීටර් 500ක අරයක් වටා කිසිවෙකුත් රැඳී නොසිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

ආපදා අංශ විසින් වැසියන් ඉවත් කිරීමේ නිරතව සිටින අතර ඇතිව තිබෙන ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන අංශ විශාල උත්සාහයක නිරත සිටින බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තිබේ.

පුපුරා යෑමට හේතුවක් මෙතෙක් හෙළි නොමැති බවයි වාර්තා වන්නේ. 

පිපිරීම වූ ස්ථානයේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)