May 06, 2024

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේව රෝහල් ගත කරයි

අති උතුම් ෆ්‍රැන්සි පාප්වහන්සේව රෝහල් ගත කර ඇති බවට වතිකානුව විසින් පවසා සිටිනවා. ඒ උන්වහන්සේගේ මහ අන්ත්‍රයේ සිදුකිරීමට නියමිතව තිබූ සැත්කමක් සඳහායි.

84 වැනි වියේ පසුවන ෆ්‍රැන්සි පාප්වහන්සේ හට මහා අන්ත්‍රය ආශ්‍රිතව ඇතිවන ස්ටෙනෝසිස් (stenosis) නම් තත්ත්වය ඇතිව තිබෙන බව උන්වහන්සේගේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබුණා.

2013 වසරේ දී සිදු වූ පදවි පාත්‍රියෙන් පසු උන්වහන්සේ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කරන පළමු අවස්ථාව මෙය බවට වාර්තා වෙනවා.

උන්වහන්සේගේ සැත්කමෙන් පසුව සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි විස්තර පවසන බවද වතිකානුව විසින් සඳහන් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 July 2021 21:12