April 19, 2024

පාස්කු ප්‍රහාරය ගැන කියන්න කාදිනල් හිමි වතිකානුවට

February 26, 2022

වතිකානයේ සංචාරයක නිරත මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හෙට (27) පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිත බව වතිකාන ආරංචි මාර්ග පවසනවා.

මෙම හමුව පැවැත්වෙන පෙරවරු 10.30ට වතිකානයේ සේන්ට් පීටර්ස් චතුරශ්‍රයට එක්රැස් වන ලෙස ඉතාලිය ඇතුළු යුරෝපයේ සියලු රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාවක්ද කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොවීම සමබන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

Rate this item
(0 votes)