May 18, 2024

සුවිසල් ගොඩනැගිල්ලක් කඩා වැටී 50ක් අතුරුදන් (CCTV VIDEO)

අමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ, සර්ෆ්සයිඩ්හි පිහිටි සුවිසල් නිවාස සංකීර්ණයක කොටසක් කඩා වැටී තිබෙනවා.

එරට වේලාවෙන් අළුයම 1ට පමණ අදාළ අනතුර සිදුව ඇති බව සඳහන්.

ගොඩනැගිල්ල මෙලෙස කඩා වැටීමෙන් අනතුරුව ගලවාගැනීමේ කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණ ඇති අතර සුන්බුන් අතර සිර වූ බොහෝ දෙනෙකු මුදා ගැනීමට සමත් ව තිබෙනවා.

තුවාල ලැබූවන් ගණන 10ක් පමණවන බවත් මේවන විට එක් මළ සිරුරක් හමුව ඇති බවත් වාර්තා වෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් 51 දෙනෙකු සුන්බුන් අතර අතුරුදන් වී ඇති බවයි එක්සත් ජනපද මාධ්‍ය ප්‍රකාශ කළේ.

මේ අතර මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන අයුරු අසළ පිහිටි තවත් ගොඩනැගිල්ලක CCTV කැමරාවෙහි සටහන්ව තිබුණා.

එම වීඩියෝව සහ තවත් ඡායාරූප පහතින්..

Surfside building collapse updates: At least 1 dead as search and rescue  continues - ABC News

Florida building collapse updates: At least 1 dead; boy pulled from rubble  alive - ABC News

At least 1 dead after high-rise condo building partially collapses near  Miami Beach

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 June 2021 21:44