May 19, 2024

ලෝකයම කැළඹූ MH17 යානය නැවතත් කරළියට

නෙදර්ලන්තයේ අධිකරණයක් විසින් ලෝකයම කළඹමින් අනතුරට පත් වූ මැලේසියානු ගුවන් යානයක් වන MH17 යානය සම්බන්ධ නඩු කටයුත්තක් විභාග කිරීම ආරම්භ කර තිබෙනවා.

2014 වසරේ දී මඟින් 300ක සමඟ ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානය යුක්‍රේන්යට ඉහළ අහසේ දී බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් හමුවේදී විනාශයට පත් වූ අතර එහි සිටි සියලු දෙනාම මෙම ප්‍රහාරය නිසා මිය යනවා.

මෙම යානයේ සිටි බොහෝ පිරිසක් නෙදර්ලන්ත ජාතිකයන්. ඒ නිසාම මෙම නඩු විභාගය නෙදර්ලන්තයේ දී විභාගයට ගැනීමට කටයුතු කරලා තියෙනවා.

ගුවන් යානය කඩා වැටුණු ප්‍රහාරයට සම්බන්ධ යැයි සඳහන් වන සැකකරුවන් 04 දෙනෙකු ද මෙම නඩු විභාගය හා සම්බන්ධ වීමට නියමිතයි.

මෙම අධිකරණ කටයුත්ත නිල වශයෙන් ආරම්භ වී තිබුණේ 2020 වසරේ මාර්තු මාසයේ දී වන අතර එහිදී සාක්ෂි රැස් කිරීම ආරම්භ කර තිබුණා.

මෙම නඩු විභාගයේ දී මොකද වෙන්නේ?

අද (07) දිනයේ ආරම්භ වන නඩු විභාගයේ දී යානය කඩා වැටුණු ස්ථානයෙන් සොයා ගත් සාක්ෂි සහ සාධක පිළිබඳව අධිකරණය වෙත කරුණු පැහැදිළි කිරීමක් සිදු කිරීමට නියමිත තිබෙනවා. ඉන්පසුව චූදිතයන් සහ වින්දිතයන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ වීමට නියමිතයි.

මෙම නඩු විභාගයෙන් පසුව වින්දිතයන්ගේ ඥාතීන් සඳහා අධිකරණය හමුවේ කරුණු දැක්විමට අවස්ථාව ලබා දීමට නියමිතයි. එම කටයුත්ත එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නඩුවේ චූදිතයන් කවුරුන්ද?

නඩු විභාගයේ දී චූදිතයන් ලෙස චෝදනා ලැබ සිටින්නේ රුසියානු ජාතිකයින් වන ඔලෙග් පුලටොව්, ඊගෝර් ගිර්කින් සහ සර්ජි ඩුබින්ස්කි සහ යුක්‍රේන ජාතික ලියොනිඩ් කාර්චෙන්කෝ යන පුද්ගලයින්ය. ඔවුන් මෙම නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටියත් ඒ සඳහා ඔවුන් සම්බන්ධව සිටියි.

මෙම චූදිතයන්ගෙන් නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී සිටින එකම තැනැත්තා වන්නේ ඔලෙග් පුලටොව් පමණයි. අනිත් තිදෙනා විසින් ඔවුන්ගේ නීතිඥයින් මෙම නඩුව සඳහා මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව සඳහන් වෙනවා.

MH17 යානයට මොකද වුණේ?

බෝයිං 777 ජෙට් යානය ඇම්ස්ටර්ඩෑම් හි ෂිපෝල් ගුවන් තොටුපලේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා යමින් සිටියදී රුසියාවට හිතවාදී කැරලිකරුවන්ගේ බල ප්‍රදේශයක් වන නැගෙනහිර යුක්රේනයේ දී බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වෙනවා.

එහිදි එම යානයේ සිටි නෙදර්ලන්ත ජාතිකයින් 196 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් මිය යනවා.

මෙහිදී කරන ලද පරික්ෂණවලින් හෙළි වන්නේ මෙම ගුවන් යානය වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරය රුසියාවේ 3 වන ගුවන් යානා නාශක මිසයිල බළකායට එකක් බවයි.

Rate this item
(10 votes)
Last modified on Monday, 07 June 2021 13:51