May 03, 2024

හිරට හිරේ ඇඳගෙන ආ මන්ත්‍රීවරියව පාර්ලිමේන්තුවෙන් එළියට දමයි (PHOTOS)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විසින් ශරීරයට හිර ඇඳුම් ඇදගෙන පාර්ලිමේන්තුවට පැමිණීම හේතුවෙන් එළියට දැමූ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වෙයි.

මෙහිදී මෙම මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටියදී තවත් මන්ත්‍රීවරයෙකු විසින් නැගිට කතානායකවරයා වෙත පවසා තිබුණේ තමන්ගේ දකුණු පස කහ පැහැති කමිසයක් ඇඳ සිටින සහෝදර මන්ත්‍රීවරිය ලෙස බලන ලෙසත් ඇය ඇඳගෙන සිටින කලිසම පිළිබඳව විමසා බලන ලෙසයි.

මෙලෙස කතා නායකවරයා වෙත මන්ත්‍රීවරිය ගැන පැමිණිල්ල කර තිබුණේ හුසේන් අමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසිනි.

පසුව කතානායකවරයා විසින් මන්ත්‍රීවරියට පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යන ලෙස පවසා සිටි අතර කතානායකවරයා විසින් මන්ත්‍රීවරිය වෙත පවසා සිටියේ “පිළිවෙළකට හැඳගෙන නැවත පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන ලෙසයි.”

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ තමාට ලැබුණු පළමු පැමිණිල්ල මෙය නොවන බවත්, නුසුදුසු ලෙස ඇඳ පැළඳ සිටින ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන ලෙසද පාර්ලිමේන්තු නිලධාරීන්ට කතානායකවරයා විසින් නියෝගයක් ද ලබාදී තිබුණි.

ටැන්සානියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන ජැකලින් එන්ගෝනියානි සහ ස්ටෙලා මන්යාන්යාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් කියා සිටියේ මෙම පියවර අසාධාරණ බවයි. එමෙන්ම මෙම සිදුවීමට මුහුණ පෑ  කොන්ඩෙස්ටර් සිච්වාලේ මන්ත්‍රීවරියගේ ඇඳුම්වල කිසිදු වරදක් නොමැති බවද මන්ත්‍රීවරියන් සඳහන් කර තිබුණි.

මෙම සිදුවීම ලෝකය පුරා සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කිරීමට හැකිවූ සිදුවීමක් ද වී තිබුණි.

එම සිදුවීමේ ඡායාරූප ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)