April 20, 2024

ටැන්සානියාව කැළඹූ වෙඩික්කරු : මහා දවාලේ ගිනි අවියක් රැගෙන කළ හරියක්! (VIDEO)

ටැන්සානියාවේ ප්‍රංශ තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ගිනි අවියක් රැගෙන සිදුකරන ලද වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ පෞද්ගලික  ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඊයේ (25) දිනයේ සිදුවූ මෙම ප්‍රහාරය හමුවේ තවත් පුද්ගලයින් 06 දෙනෙකුද තුවාල ලබා තිබුණා.

ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාර හමුවේ වෙඩික්කරු ද මිය ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිදුවීමෙන් පසුව එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවන්නටද ටැන්සානියා රජය තීරණය කරලා.

වෙඩි තැබීම කළ පුද්ගලයා එලෙසෙ කළේ කුමක් නිසාද යන්න පිළිබඳවත් ඔහුගේ අනන්‍යතාවය පිළිබඳවත් මෙතෙක් හෙළි වී නැහැ.

ජනතාවට සන්සුන් වෙන ලෙස ටැන්සානියානු රජය විසින් දැනුම් දී තිබෙන අතර අදාළ තත්ත්වය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බවත් ටැන්සානියානු ජනාධිපති සැමියා සුලුහු හසන් විසින් ට්විටර් පණිවිඩයක් හරහා දැනුම් දී තිබුණා.

වෙඩික්කරු ප්‍රංශ තානාපති කාර්යාලය ඉදිරිපිට ගිනි අවියත් සමඟ සිටින අයුරු වීඩියෝව,

Rate this item
(0 votes)