May 22, 2024

දුම්රිය දෙකක් එකට ගැටී මැලේසියාවේ දරුණු අනතුරක් (VIDEO)

මෙට්‍රො සැහැල්ලු දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර අනතුරක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ එක් මෙට්‍රො දුම්රියක මගීන් 213 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි.

අනෙක් දුම්රිය මගීන් රහිතව ධාවනය වූ හිස් දුම්රියක් බව සඳහන්.

අනතුරට මුහුණ දුන් මගීන් 213 දෙනාම තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම ඉන් 47 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

නඩත්තු කටයුත්තකින් පසු හිස් දුම්රිය, මගීන් රැගත් දුම්රිය ධාවනය වූ මාර්ගයේ ම ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ එකිනෙක ගැටී තිබෙනවා.

එය සිදුව ඇත්තේ උමං මාර්ගයක් තුළදීයි.

මෙම අනතුර  දුම්රිය පාලක මැදිරියෙන් සිදු වූ වැරදි සන්නිවේදනයක් නිසා සිදු වන්නට ඇති බවට සැක කෙරෙනවා.

වසර 23 ක් වූ මෙට්‍රෝ පද්ධතියේ සිදුවූ විශාලතම අනතුර මෙය බවයි එරට ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 May 2021 16:18