April 26, 2024

ETF සාමාජිකයින්ගේ දූ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානයට මහජන බැංකුව එක්වේ

December 16, 2021

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් තම සාමාජික සාමාජිකයින්ගේ පහ වසර ශිෂ්‍යත්වය විශිෂ්ට ලෙස සමත් දරු දැරියන්ට 9000කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන සඳහා අඛණ්ඩව 11වන වරටත් මහජන බැංකුව සමඟ අත්වැල් බැඳගනී.

මෙහි පළමු අදියරේ ශිෂ්‍යත්ව 6000ක් සඳහා වන චෙක්පත සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජේරත්න මහතා අතින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම පසුගියදා අරලිගහ මන්දිරයේදි සිදු කෙරිණි.

මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය ජී. එල් පීරිස්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩී.පී.ජී ප්‍රනාන්දු, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ) රේණුකා ජයසිංහ, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) ඩබ්ලිව්.ජී.කේ. රත්නායක, සහකාර සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) එච්.ජී.ඩී.එන් ප්‍රසන්න, ශිෂ්‍යත්ව නිලධාරිනි ඩබ්ලිව්. එල්.ඩී ක්‍රිෂාන්ති, ශිෂ්‍යත්ව අංශයේ එස්.ඒ.ඩී.ආර්.ටී දිසානායක, යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

Rate this item
(0 votes)