April 26, 2024

මහජන බැංකුවේ සියඹලාණ්ඩුව සේවා මධ්‍යස්ථානය පූර්ණ ශාඛාවක් කරයි

මහජන බැංකුවේ සියඹලාණ්ඩුව සේවා මධ්‍යස්ථානය අංග සම්පූර්ණ බැංකු ශාඛාවක් බවට පත්කර විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.

මෙය මහජන බැංකුවේ 364 වන ශාඛාවයි.

සියඹලාණ්ඩුවේ ප‍්‍රදේශයේ ජනතාවට වඩාත් දියුණු ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් සමගින් පරිපූර්ණ තැන්පතු සහ ණය සේවාවන් රැුසක් පිරිනැමීමේ අරමුණින් විවෘත කෙරුණු මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය තුළින් මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විදිය හැක.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද පේ‍්‍රමනාත්, මොණරාගල ප‍්‍රාදේශීය කළමනාකාර සමන් රත්නායක, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාරිනියන් වන එම්.එම්.ඒ අමරසිරි සහ ආර්.එම්.පී. රත්නායක, සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති සමන් වර්ණකුලසූරිය, සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් අසංක රත්නායක, සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති රවින්ද්‍ර හේරත්, ශාඛා කළමනාකාරිනි අචලා රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

මෙය වර්තමානයේ පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය මත රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකුලව විවෘත කෙරිණි.

Rate this item
(3 votes)