April 26, 2024

මහජන බැංකුවේ ගෙලිඔය සේවා මධ්‍යස්ථානය ශාඛාවක් බවට පත්කරයි

අති නවීන ඩිජිටල් බැංකුකරණ අත්දැකිම් වඩාත් පුළුල් ලෙස ගෙලිඔය ප්‍රදේශයේ ජනතාවට පිරිනැමීම සඳහා මහජන බැංකුවේ ගෙලිඔය සේවා මධ්‍යස්ථානය අංග සම්පූර්ණ බැංකු ශාඛාවක් බවට පත්කර විවෘත කිරීම පසුගිය 11 වැනිදා සිදුකෙරිණි. මෙය මහජන බැංකුවේ 363 වන ශාඛාවයි.

මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද ප්‍රේමනාත්, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, උඩුනුවර ප්‍රාදේශිය සභාවේ සභාපති ගාමිණි තෙන්නකෝන්, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ, සහකාර ප්‍රාදේශීය කළමනාකාර තිස්ස තෙන්නකෝන්, සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනි කුමාරි දයානන්ද, ශාඛා කළමනාකාරිනි නස්රා සුහයිර් යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

මෙය වර්තමානයේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකුලව විවෘත කෙරිණි.

Rate this item
(0 votes)