May 09, 2024

තේ ආනයනයට අවසර දුන්නාද?

September 12, 2021

තේ ප්‍රති අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය කරුණු පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 90% ක්ම සාම්ප්‍රදායික තේ නිෂ්පාදන බවයි.

එම තේ වර්ග ආනයනයට කිසිසේත් අවසර ලබාදී නොමැති අතර, විශේෂිත තේ වර්ග පමණක් ප්‍රති අපනයනයට රෙගුලාසි පනවා ඇති බව තේ මණ්ඩලය සඳහන් කරනවා.

එහිදී ප්‍රති අපනයනය සඳහා ආනයනය කිරීමේ අවසර ලැබෙන්නේ විශේෂිත තේ වර්ග වන ඩාජීලිං, ඇසෑම්, සී.ටී.සී. සහ හරිත තේ ප්‍රධාන ශ්‍රේණි සඳහා පමණක් වන අතර, ඒ සඳහා බැංකු ඇපකර ලබාගත යුතු වනවා.

නව චක්‍රලේඛය මගින් දක්වා ඇත්තේ මෙම තේ වර්ග සඳහා අවම වශයෙන් දේශීය තේ 30% ක් වත් එකතු කළ යුතු බව පමණක් බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය අවධාරණය කළේ.

Rate this item
(0 votes)