බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ රියදුරුට පිළියන්දල මාවිත්තර පිහිටි රියදුරුගේ නිවස ඉදිරිපිටදී ඊයේ (21) රාත‍්‍රී 8.00ට පමණ යතුරුපැදිකරුවකු විසින් පිහයකින් ඇණ ඝාතනය කර ඇතැයි කැස්බෑව පොලිසියය පවසනවා.
මෙසේ ඝාතනය කර ඇත්තේ පිළියන්දල මාවිත්තර ගම්මානවත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඈපාසිංහගේ කනිෂ්ක 41 හැවිරිදි පුද්ගලයෙකුයි.
මොහුගේ නිවස ඉදිරිපිටින් අධික ශබ්දයක් පිටකරමින් යතුරු පැදියක් කිහිප වතාවක් ධාවනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහකින් පසුව ඔහුට පිහියකින් ඇණ පළාගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.
බරපතල තුවාල ලැබු ඇමතිවරයාගේ රියදුරා පිළියන්දල රෝහලට ඇතුලත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.