April 25, 2024

ඇමරිකාව එක්ක අපි ගිවිසුම් ගැහුවා..පහසු වෙලාවේ කළා - ඇමැති ලොකුගේ සියල්ල හෙළිකරයි

September 24, 2021

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා හෙළිදරව් කරනවා.

එය සැඟවීමට කාරණයක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් සැඟවීමට දෙයක් නොමැති බවත් පාර්ශව දෙකට අත්සන් කිරීමට පහසු වෙලාවක එය අත්සන් කළ බවත් ඔහු පැවසුවා.

එම ගිවිසුම වසර 15ක් සඳහා බලපැවැත්වෙන බවත් අදාල ගිවිසුම ගැන කැබිනට් පත්‍රිකාවක් ගෙනත් එය දැනුවත් කර එකඟත්වයෙන් පසු ඊට අවසර ලබා දුන් බවත් ඇමැතිවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දෙරණ නාලිකාව සමග පැවති විශේෂ සම්මුක සාකච්ඡාවකදී ය. 

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා

"අමෙරිකන් සමාගමක් ඉදිරිපත් වෙලා ඉල්ලුවා. ඒගොල්ලන්ට 40%ක් දුන්නා. ඒකේ සම්පූර්ණ ලාභය එන්නේ ආණ්ඩුවට. අවුරුදු 15කට පස්සේ රජයට මේක අයිතිවෙනවා. අත්සන් කරලා තියෙන්නේ. ඒක හංගන්න දෙයක් නෑ," 

Rate this item
(0 votes)
Last modified on Friday, 24 September 2021 10:19