April 20, 2024

දේශීය මත්පැන් වලට අප්‍රේල් 1 වැනිදා සිට සිදුවන දේ

දේශීය මත්පැන් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම් අප්‍රේල් මස 01 වනදා සිට අනිවාර්ය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ කටයුතු පසුගිය ජනවාරි මස ආරම්භ කළ බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරි කපිල කුමාරසිංහ මහතා පැවසුවේ.

එම ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය කිරීමේ දී මතුවූ තාක්ෂණික ගැටළු හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කල්දැමීමට සිදුවී තිබුණා.

ආරක්ෂිත ස්ටිකරය ඇලවීමට නොහැකි දේශීය මත්පැන් සදහා ඩිජිටල් සලකුණක් යෙදවීම අනිවාර්ය කර ඇති බව ද කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(2 votes)