April 26, 2024

ලොකුගේ තෙල් ප්‍රශ්නය විසඳයි: මට කතා කරන්න - පුද්ගලික දුරකතන අංකය මෙන්න

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ඒ පිළිබඳ තමා ව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකථන අංකය ද මාධ්‍යයට ඉදිරිපත් කළා.

ඒ අනුව 077-7414241 යන දුරකථන අංකය මඟින් අදාළ ප්‍රශ්නය ගැන තමාව දැනුවත් කරන ලෙසත් ඒ අනුව එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බවත් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා අවධාරණය කළා.

ලබන සතිය වනවිට ඉන්ධන හිඟයට විසඳුම් ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

Rate this item
(1 Vote)