April 27, 2024

"කාලකන්නි සතුටක් ගන්නවා" - ඇමති ලොකුගේ කණගාටුවෙන්

December 07, 2021

"අද විපක්ෂය කාලකන්නි සතුටක් ලබන වෙලාවක්. අද කොවිඩ් අර්බුදය ශ්‍රී ලංකා විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. විවිධ අමාරුකම් ආර්ථික ප්‍රශ්න තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා කල්පනා කරලා කරලා මේක උඩින් බලයට ඉන්න පුළුවන් කියලා කාලකන්නි සන්තෝෂයක් ලබනවා. අපි ඉතාම කනගාටු වෙනවා." යැයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ හෝමාගම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය නව සේවා පරිශ්‍රය වෙත ගෙන ගෙනයාම සහ සහ මාර්ගගත ක්‍රමයෙන් පත්ඉරු හා ඔප්පු පිටපත් ලබා දීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළා,

"අද විපක්ෂය කාලකන්නි සතුටක් ලබන වෙලාවක්. අද කොවිඩ් අර්බුදය ශ්‍රී ලංකා විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. විවිධ අමාරුකම් ආර්ථික ප්‍රශ්න තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කල්පනා කරලා කරලා මේක උඩින් බලයට ඉන්න පුළුවන් කියලා කාලකන්නි සන්තෝෂයක් ලබනවා. අපි ඉතාම කනගාටු වෙනවා. මහජනතාවට හානියක් නැතුව කටයුතු කරන්න ඕන. ආණ්ඩුව විපක්ෂය එකතුවෙලා මේ අර්බුදයෙන් රට බේරගන්න ඕන."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 17:19