May 06, 2024

වාසු මට යන්න කියනවනම් මමත් යන්නම් : රනිලුත් පනින්න බලයි

December 07, 2021

ඊයේ (6) පාර්ලිමේන්තුවේ නොසිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (7) පැමිණියා.

ඔහු එසේ පැමිණියේ සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව වර්ජනය කර තිබෙන අවස්ථාවක.

ඇමති සමග පටලැවිල්ල

අද (7) පාර්ලිමේන්තුවට වික්‍රමසිංහ මහතා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සමග වචන හුවමාරුවක පැටලුනා.

ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා පිළිවෙත වැරදි බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් නිසා.

වික්‍රමසිංහ මහතා මුදල් ඇමති ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගෙන් අද (7) ප්‍රශ්න රැසක් අසා ඇති අතර ඊට පිළිතුරු දීමට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිට නැහැ.

බැසිල් වෙනුවෙන් වාසු

කලින් නොදන්නවා මෙසේ හිටි හැටියෙම බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න ඇසීම අසාධාරණ බවයි එහිදී නානයක්කාර ඇමතිවරයා සදහන් කළේ.

පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා නොදෙන්නේ නම් ඉන් පාර්ලිමේන්තුව පිළිබඳව තිබෙන විශ්වාසය බිඳ වැටෙන බව ඊට පිළිතුරු ලෙස පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා "මට නානයක්කාර අමාත්‍යවරයා යන්න කියනව නම් මමත් යන්නම්" කියා සඳහන් කළා.

ඒ අවස්ථාවේ ඊට මැදිහත්වූ සභානායක දිනේෂ් ගුණවර්ධන ආන්ඩුවේ කිසිවෙකු වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවෙන් යෑමට කියා නොමැති බව අවධාරණය කළේ "දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ඔබ" යැයි වික්‍රමසිංහ මහතාව මුරුංගා අත්තේ තබමින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 15:59

Related items