April 27, 2024

ඩයනා ඩබල් ගේමක : අද සජිත් පිල වෙනුවෙන් පෙනී සිටි

December 07, 2021

පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාවක් නැති බව සඳහන් කරමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ වන විට පාර්ලිමේන්තුව වර්ජනය කරමින් සිටින්නේ.

ඒ මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පහර දීමට තැත් කිරීම මුල් කොටගෙන.

සමගි ජන බලවේග නියෝජනය

එහෙත් අද (7) සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියක් ඉදිරිපත් වුණා.

ඒ තමා එම පක්ෂයේ අයිති කාරියද බව සඳහන් කරමින්.

සමගි ජන බලවේගය බොළඳ වැඩ කරන පිරිසක් ලෙස හඳුන්වා දුන් මන්ත්‍රීවරිය තමාට සමගි ජන බලවේගය වෙනුවෙන් අද (7) විවාද කෙරෙන අමාත්‍යාංශ වැය ශීර්ෂ වලදි අදහස් දැක්වීමට අවශ්‍ය බව කතානායකවරයා අමතා සඳහන් කළා.

කථානායකවරයාගේ පිළිතුර

ඊට මේ අවස්ථාවේ නොව ඉදිරි සුදුසු වෙලාවක අවස්ථාව ලබා දෙන බව කතානායකවරයා මන්ත්‍රීවරිය අමතා සඳහන් කළා.

සමගි ජන බලවේගය වෙනුවෙන් මෙසේ අයිතිවාසිකම් කියමින් පෙනී සිටියේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියයි.

ඇය සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඊට පක්ෂව ඡන්දය දීමෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරියක්.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 07 December 2021 16:00

Related items