April 28, 2024

ජොනි ජෝක්ස් : අදත් එකක් - මාතෘකාව රනිල් හා සජිත්

December 07, 2021

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විහිළු සැපයීමේ රුසියෙක්.

අදද (7) එවැනි විහිලුවක් පාර්ලිමේන්තුවේදී කලා.

ලැබුණු දුරකථන ඇමතුම

ඒ තමාට පාර්ලිමේන්තු වර්ජනයේ යෙදී සිටින සමගි ජන බලවේග මන්ත්‍රීවරයෙක් දුන් දුරකථන ඇමතුමක් ගැන සඳහන් කරමින්.

අද (7) රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව දැනගත් සජිත් ප්‍රේමදාස මහතා කලබලයට පත්වී සිටින බව තමාට මීට ටික මොහොතකට පෙර සමගි ජන බලවේගය මන්ත්‍රීවරයෙක් තමන්ට දුරකතනයෙන් කතා කොට දැනුම් දුන් බව ඇමතිවරයා පාර්ලිමේන්තුවට කිව්වා.

වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය පිළිබඳ සෙවීමට කොමිටියක් පත් කළ යුතු බව අනුමත කරන හෙයින් එම කොමිටිය ඉතා ඉක්මනින් කතානායකවරයා පත් කරන තුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉවසිල්ලෙන් බලා සිටින බවද අමාත්‍යවරයා සදහන් කලා.

කොමිටිය ගැන අවධානය

ඒ එම කොමිටිය පත් කළ විගසම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය වර්ජනය අවසන් කොට පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානමින් සිටින බවද අවධාරණය කරමින්.

"ඔබ රට ගිය ගමන කලින් ඉවර කොට හිටි හැටියේම පැමිණීම ගැන විපක්ෂ නායකවරයා බය වෙලා ඉන්නේ.ඒ ඔබට විපක්ෂ නායකකම හිමි වෙයි කියන බයට."

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා එසේ කිව්වද විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ කතානායකවරයා පත් කරන කොමිටි පිළිබඳ විශ්වාසයක් නැති බවයි.

අවශ්‍ය කොමිටි නොව මනුෂ නානයක්කාර මහතාට පහර දීමට උත්සාහ කළ සිද්ධිය සම්බන්ධයෙන් කතානායකවරයා තීරණයක් ගැනීම බවද විපක්ෂනායකවරයා පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 16:00

Related items