ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැති සර්ව පාක්ෂික සමුළුවට ඩයනා ගමගේ මන්ත්‍රීවරියද සහභාගී වී සිටියා. ඒ කුමන පදනමෙන්ද යන්න පැහැදිලි නැහැ. විපක්ෂයෙන් ආණ්ඩුවට සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වූ ඇය මන්ත්‍රී ධූරයට පත්ව මාස 2 ක් පමණ ගතවෙත්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙමින් ආණ්ඩුවට එකතු වුණා. ගමගේ මන්ත්‍රීවරියව මේ වන විට සමගි ජන බලවේගය නෙරපා තිබෙන්නේ. සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වූ ඇය එහිදී අදහස් දැක්වුයේ ගංඡා පදනම් කරගෙන. ඉන්දියාවේ තත්ත්වය "අපි දන්නවා ඉන්දියාවේ ප්‍රාන්ත තුනකට නීත්‍යානුකූලව බලය දීලා තිබෙනවා කංසා පිටරට යවන්න." "ඒත් අපේ රට අද මේ වගේ තත්ත්වයක තිබියදී ඩොලර් බිලියන 2 ක් වාර්ෂික උපයගන්න තිබුණා මම මේ යෝජනාව ගෙන ආපු දවසේ ඉඳන් ක්‍රියාත්මක කළානම්." "ඒ ගැන නීත්‍යානුකූලව කටයුතු නොකළ නිසා අපේ රටට ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් නැති වුණා." වැඩිම අවධානය ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ එම යෝජනාවට සර්වපාක්ෂික සමුළුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැති බවයි දැනගන්නට තිබෙන්නේ. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ වැඩිපුරම අදහස් දක්වා තිබෙන්නේ ගංජා නීතිගත කිරීම සම්බන්ධයෙන්.