April 27, 2024

ජවිපෙ අද වැඩ අල්ලයි: තරුණ පිල නුගේගොඩට Featured

ජනතා විමුක්ති පෙරමුණ සහ එය මුල් වූ ජාතික ජන බලවේගය එක පෙළට උද්ඝෝෂණ රැලක් සංවිධානය කොට තිබෙනවා.

එම විරෝධතාවයන් පැවැත්වෙන්නේ "74 වසරක සාපය නිමා කරමු - ජන පීඩක ආණ්ඩුව පන්නමු" යන තේමාවන් යටතේ.

උද්ඝෝෂණ රැල්ල

ඒත් තරුණ උද්ඝෝෂණය අද (18) නුගේගොඩදී පැවැත්වීමට නියමිතයි.

ඉන්පසු එළැඹෙන 23 දින ජාතික ජන බලවේගය සංවිධානය කරන ජාතික ජන බල විරෝධය නුගේගොඩදී පැවැත්වෙනවා.

ඊට දින හයකට පසු මාර්තු 29 දා ගොවි ජන විරෝධය පොළොන්නරුවේදී පැවැත්වීමටත් සූදානම් කොට තිබෙනවා.

එක පෙළට විරෝධතා

මේ වන විට විපක්ෂයේ දේශපාලන බලවේග විරෝධතා පෙලක් එක දිගට පවත්වන අයුරු දක්නට පුළුවන්.

විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පාර්ශවය වන සමගි ජන බලවේගය ඉකුත් 15 දින කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුවා.

එහි තේමාව වුයේ "රට විනාසයි - දැන් ඇති - තව වනසන්න දෙන්න බැහැ" යන්නයි.

එම තේමාව යටතේ කොළඹින් ආරම්භ කළ විරෝධතා රට පුරා පැවැත්වීමටයි සමගි ජන බලවේගය තීරණය කොට තිබෙන්නේ.

Rate this item
(3 votes)
Last modified on Friday, 18 March 2022 08:07

Related items