April 28, 2024

සජිත්ගෙන් ජවිපෙට පණිවිඩයක්: "උනුත් එකයි මුනුත් එකයි" අපිට අදාල නැහැ

November 28, 2021

සමගි ජන බලවේගය ඊට අනුබද්ධිත නව සංවිධානයක් පිහිටෙව්වා.

ඒ සමගි විහිදුම් බලගණයයි.

වංචා හා දූෂණ සෙවීම

ආණ්ඩුවේ සිදුවන දූෂණ හා වංචා හෙළිදරව් කිරීම එම විහිදුම් බලගණයට පැවරී ඇති වගකීමයි.

හේශා විතානගේ හා චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන සමගි විහිදුම් බලගණය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

පක්ෂ නායකගේ ප්‍රකාශය

එහිදී පක්ෂ නායකයා සුවිශේෂී කරුණක් ප්‍රකාශ කළා.

ඒ "උනුත් එකයි මුනුත් එකයි" පාඨය සමගි ජන බලවේගයට අදාල නොවන බව.

එම පාඨය රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක හැඳින්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ යොදාගත් සටන් පාඨයක්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 November 2021 11:59