April 28, 2024

ජවිපෙ අනුර පුම්බන කෝටි පහේ කැම්පේන් එක ගැන සියල්ල හෙළිවෙයි

"සමාජ මාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා - සාක්ෂිත් සමඟ කැම්පේන් විස්තර එළියට" යන සිරස්තලය යටතේ පළ වූ පුවත සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ මෙම පුවත මේ වන විට සියලු ක්ෂේත්‍රයන්හි අසාර්ථක වෙමින් ජනතා විරෝධයට පාත්‍ර වෙමින් සිටින ආණ්ඩුවේ බංකොලොත් ප්‍රචාරවලින් එකක් බවයි.

අදාළ මුදල් ගෙවූ බවට වන වෙළෙඳ ප්‍රචාරණ ආයතනය සමඟ ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ආකාරයක සම්බන්ධයක් නැති බවද මාධ්‍ය නිවේදනය ඔස්සේ පවසා තිබෙනවා.

මෙම ව්‍යාජ පුවත සහ කූඨ ලේඛන පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද විජිත හේරත් මහතා පවසා සිටියා.

අදාළ මාධ්‍ය නිවේදනයේ පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 October 2021 07:45