May 08, 2024

හෙට දිනයේ විදුලි කපා හරින වේලාවන් මෙන්න

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (18) ‘A’ සිට ‘L’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (17) පස්වරුවේ පැවසුවා.

‘P’ සිට ‘W’ දක්වා කලාප අටකට හෙට පැය 3යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

‘A’ සිට ‘L’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවා.

‘P’ සිට ‘W’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 15 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා. 

Rate this item
(6 votes)
Last modified on Thursday, 17 March 2022 19:50