May 06, 2024

විදේශිකයෙක් උඩරට මැණිකේ දුම්රියෙන් ඇඳ වැටෙයි

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියෙන් වැටි බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

ඒ ඊයේ (16) රාත්‍රියේදී යි.

මෙසේ ජීවිතක්ෂයට පත් ව ඇත්තේ අහමඩ් මොහොමඩ් අබ්දුල් හමිඩ් නමැති 32 හැවිරිදි සංචාරකයෙක්.

ජීවිතක්ෂයට පත් ඊජිප්තු ජාතික සංචාරකයා මීට සතියකට ප්‍රථම දිවයිනේ සංචාරයක් සඳහා පැමිණ ඇල්ල දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණික දුම්රියේ ගමන් කරමින් සිටියදි ඊයේ (16) දින දහවල් 12ට පමණ පට්ටිපොල

දුම්රිය ස්ථානය අසල දී පාපුවරුවෙන් වැටි බරපතළ ලෙස තුවාල ලැබුවා.

තුවාල ලැබූ සංචාරකයා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ නිසා තුවාලකරු ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.

පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි, ඊජිප්තු ජාතිකයා මියගොස් ඇත්තේ.

Rate this item
(0 votes)