May 08, 2024

තෙල් අර්බූදය අස්සේ පොලිස් ආරක්ෂාව ඇතිව වාහන කල්ලියක් පිස්සු කෙලියි Featured

මහජනතාව තෙල් නොමැතිව වරු ගණන් ඉන්ධන පිරවුම් හල්වල ලගිද්දී පොලිස් ආරක්ෂාව ඇතිව සුඛෝපභෝගී වාහන සිය ගණනක් හා මෝටර් බයිසිකල් පෙළපාලියක් යෑමේ පුවතක් වාර්තා වනවා.

කල්පිටිය ප්‍රදේශය හරහා පොලිස් ආරක්ෂාව ඇතිව ගිය මෙම වාහන පෙළපාළියට මහජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

සෙල්ලක්කාරයන්ගේ වැඩක්

මෙම වාහන පෙළපාලිය දුටු මහජනයා එය හැඳින්වූයේ තෙල් ප්‍රශ්න නැති සෙල්ලක්කාර බලවතුන්ගේ වැඩක් ලෙසටයි.

තෙල් නැතිව අර්බූදයක් ගොඩනැඟී ඇති මේ අවස්ථාවේ මෙසේ තෙල් නාස්ති කරන්නේ කෙසේදැයි යන්න එම වාහන පෙළපාලිය දුටු බොහෝ ජනයා ප්‍රශ්න කර තිබුණා

මෙම රථවාහන පෙළපාලිය ස්පින් රයිඩර්ස් (SPIN RIDERS) නම් වූ කල්ලියක් විසින් සංවිධානය කොට ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

සමාජ සේවා කල්ලියක්

එම කල්ලිය සමාජ සේවා කටයුතු කරන බවට ප්‍රචාරණයක් ගෙන යන අතර ඔවුන් මෙසේ තෙල් පුච්චමින් සුඛෝපභෝගී වාහන වල හා මෝටර් සයිකල් වල ගියේත් සමාජ සේවා වැඩ කටයුත්තකට බවටත් තොරතුරු වාර්තා වනවා.

මාදම්පේ ප්‍රදේශයේදී බිම පෙළපාලියට මහජනයාගේ විරෝධය එල්ල වූ බවත් දැනගන්නට තිබෙනවා.

ආණ්ඩුව මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ තෙල් අර පරිස්සමින් පාවිච්චි කරන ලෙසටයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 18 March 2022 08:16