April 26, 2024

මම රාජ්‍ය ඇමතිකම බාර ගත්තේ මේ නිසා : ධූරයෙන් ඉවත් කළ සුසිල් කියපු කතාව

තමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යධූරය බාර ගත්තේ ඇයිදැයි මේ වන විට එම ධුරයෙන් ඉවත් කොට ඇති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හෙළිදරව් කරනවා.

තමාට අධ්‍යාපන විෂයට අදාළ නොවන පිත්තල , ලී බඩු , වේවැල් වැනි රාජ්‍ය අමාත්‍යධූරයක් ලබා දුන්නේ නම් එය බාර නොගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

වගකීම බාර ගැනීමට හේතුව

මීට පෙර අධ්‍යාපන අමාත්‍ය ධූරයද දරා ඇති තමන්ට මෙවර භාර දුන් රාජ්‍ය අමාත්‍යධූරය ඊට අදාළ වන බැවින් ඒ හරහා රටට යම් සේවයක් කළ හැකි යැයි සිතු නිසා එය භාර ගත් බවයි ප්‍රේම් ජයන්ත් මහතා සඳහන් කරන්නේ.

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ අදහස් පළ කළේ මීට ටික දිනකට පෙර ඒෂියන් මිරර් සමඟ කළ සාකච්ඡාවකදී.

එහිදී ජනතාව පමණක් නොව තමන්ද ආණ්ඩුව ගැන කලකිරී සිටින බව ඔහු සඳහන් කලා.

ප්‍රශ්ණයට දුන් පිළිතුර

එවන් කළකිරීමක් තිබෙන්නේ නම් රාජ්‍ය අමාත්‍ය ධුරයක් බාර ගත්තේ ඇයි දැයි යන්න එහිදී ඔහුගෙන් විමසුවා.

තමා රාජ්‍ය ඇමති ධූරය භාර ගැනීමට හේතු වූ කරුණු ප්‍රේම් ජයන්ත් මහතා හෙළි දරව් කළේ එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

පුරප්පාඩුව සඳහා පත් කිරීම

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු මහනුවරදී කැබිනට් ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් පත් කළා.

එහිදී සුසිල් ප්‍රේමජයන්ත් මහතාට කිසිදු අමාත්‍යධූරයක් හෝ රාජ්‍ය අමාත්‍යධූරයක් ලැබුණේ නැහැ.

විජේදාස රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යධූරය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වූ පුරප්පාඩුව සඳහායි ප්‍රේම ජයන්ත් මහතාව පත් කරනු ලැබුවේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 04 January 2022 11:51

Related items