April 26, 2024

චීන තානාපති උතුරට පා තබයි - ජනතාවට පොරොන්දුවක් (PHOTOS)

December 17, 2021

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩව සහන ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා යාපනයේදී පවසා සිටියා.

ඒ මහතා ඒ බව කියා සිටියේ දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (16) දින ශ්‍රී ලංකාවේ චීන තානාපති ඇතුලු දූත පිරිසක් උතුරු පලාතේ මන්නාරම සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි සංචාරයක නිරත වූ අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමින්.

චීන තානාපතිවරයා පළමුව මන්නාරම දිස්ත්‍රීක් ධීවර සමූපාකර සංගම් කාර්යාලයට ගොස් මන්නාරමේ ධීවර පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 20කට ආසන්න වටිනා ධීවර ආම්පන් ලබා දුන් අතර පසුව යාපනය නල්ලූර් හින්දු කෝවිලේ දේව මෙහෙයකට සහභාගී වුණා.

පසුව චීන තානාපති විසින් අරියාලයේ ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක්ද නිරීක්ෂණය කල අතර එහි මුහුදු කූඩැල්ලන් බෝකරන අකාරය පිළිබඳවද නිරීක්ෂණයක කරන කළා.

එහිදී චීන තානාපතිවරයා මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ.

"ශ්‍රී ලංකාව සහ චීන අතර ඇත්තේ දිගුකාලීන සබඳතාවක්. එහි එක් පියවරක් තමයි මේ  ධීවර ජනතාවට ධීවර ආම්පන්න ලබා දීම සිදුවුනේ. මෙමගින් ජනතාවගේ දියුණුවට හේතුවක් වනු ඇතැයි සිතමි. පසුගිය කාලයේ ලෝකය පුරා කොවීඩ් වෛරසය පැතුරුනු අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයේ එන්නත්කරණය පිළිබඳව චීන රජය අවධානයකට ලක් කරා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජනතාවට එන්නත් ලබා දීම පිළිබඳව චීන රජයත් විශේෂ අවධානයක් වගේම මෙහෙවරක් සිදු කලා. චීන රජයෙන් පහසුකම් ලබාදීමේ මූලික අදියරක් වශයෙන් උතුරෙන් ආරම්භ කලා. ඉදිරියේදී තවත් සහන රැසක් ලබා දීමට චීන රජය පියවර ගන්නවා." 

මෙම අවස්ථාවන්ට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාද එක් වුණා.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 12:01