May 02, 2024

වෙරළෙන් ට්‍රැක්ටරයක් මතු වෙයි (PHOTOS)

මුලතිව් පුදුමාතලන් මුහුදු තීරයෙන් පොළොව යට තිබී ට්‍රැක්ටරයක බවට සැක කරන කොටස් කිහිපයක් මතුව තිබීම හේතුවෙන් අද (09) දින එය පරික්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි මුලතිව් පොලිසිය පැවසුවා.

පුදුමාතලන් ධීවරයන් පිරිසක් විසින් ඊයේ (08) දින විශාල රෝද දෙකක කොටස් මුහුදු වෙරලේ පොළොව යට තිබී මතුවීමත් සමඟ මේ පිළිබඳව මුලතිව් පොලිසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව මුලතිව් පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව මෙම රෝද කොටස් ගොඩ ගැනීමට පියවර ගෙන තිබෙනවා.

යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් කිසියම් හේතුවකට වල දමා හෝ සුනාමි ව්‍යසන තත්ත්වය හේතුවෙන් සැඩ පහරට හසුව ගසා ගෙන ගිය ට්‍රැක්ටරයක කොටස් බවට පොලීසිය සැක පළ කර සිටිනවා.

කෙසේවෙතත් මේ වන ට්‍රැක්ටරයක පසු පස පිහිටි විශාල රෝද දෙකක කොටස් සහ ට්‍රැක්ටරයේ බඳ ප්‍රදේශයේ කොටස් කිහිපයක් මුහුදු වෙරළෙන් මතුපිටට දිස් වන බවට ද මුලතිව් පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(1 Vote)
Last modified on Sunday, 09 January 2022 14:30