April 25, 2024

නිරෝධායන නීති සතේකට මායිම් නොකර හින්දු කෝවිලක දේව පූජාවක් (PHOTOS) Featured

සෑම වසරකම හින්දු භක්තිකයන් විසින් වසර ආරම්භයේදී සිදු කරන තයිපූසයි දේව පූජාව ඊයේ (18) රාත්‍රියේ යාපනයේ ඉනුවිල් කන්දස්වාමි හින්දු කෝවිලේදී උත්සාවාකාරයෙන් පැවත්වුණ බව අප වාර්තාකරු සඳහන් කළා.

කෙසේ නමුත් අදාල දේව පූජාව වෙනුවෙන් සහභාගී වූ සියලු බැතිමතුන් සමාජ දුරස්ථභාවය, මුඛ ආවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත පියවර කිසිවක් අනුගමනය නොකරමින් මෙම දේව පූජාවට සහභාගී වීම පිළිබඳව යාපනයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

විශාල දේව මණ්ඩපයක් විශාල කඹ යොදා ගෙන බැතිමතුන් විසින් මණ්ඩපය ඇදීම මෙහෙදී සිදු කෙරෙන අතර මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වුවද සියලුම බැතිමතුන් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගනය නොකරමින් මෙම අවස්ථාවට සහභාගී වීම මගින් දැඩි කොරෝනා අවධානමක් මතුවන බවටද යාපනයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)