දැනට ඉඩම් ඔප්පු නොමැති සැලකිය යුතු කාලයක් එහි නැවති සිටින අය වෙත ඉඩම් ඔප්පු ලබා දීම පිළිබඳව ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කොට පැහැදිලි විසඳුමක් ලබා දෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා පවසයි.
ඉඩම් පවරා ගැනීම වෙනුවෙන් මැනුම් කටයුතු සදහා පැමිණෙන නිලධාරින් හට කිසිඳු බාධාවකින් තොරව තම රාජකාරී කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ ආණ්ඩුකාරවරයා මැනුම් කටයුතු වලට බාධා කරන අය සඳහා නීතිමය පියවර ගන්නා බව සඳහන් කළා.