May 04, 2024

රත්තරන් හාරපු මගේ සම්බන්ධීකාරකට තිබෙන්නේ චෝදනාවක් විතරයි: ඔප්පු වෙලා නැහැ - මහජන ආරක්ෂක ඇමති

December 04, 2021

රත්තරන් හෑරීම සම්බන්ධයෙන් තමාගේ ලේකම්වරයාට තිබෙන්නේ චෝදනාවක් පමණක් බවයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

එය තවමත් ඔප්පු වී නැති බවත් ඔහු සඳහන් කරනවා.

පරීක්ෂණ සඳහා පොලීසියට

මේ වන විට තම සම්බන්ධීකරණ ලේකම්වරයාව එම ධුරයෙන් ඉවත් කොට රහස් පොලිසියට පරීක්ෂණ සඳහා බාරදී ඇත්තේ ඒ පරීක්ෂණ සදහා බව අමාත්‍යවරයා සදහන් කරනවා.

අමාත්‍යවරයා මේ බැව් බව සඳහන් කළේ පුදුකුඩිඉරිප්පු වල රත්තරං හැරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් සිය සම්බන්ධීකරණ ලේකම්වරයා සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

ෆොන්සේකා කළ චෝදනාව

වීරසේකර මහතා එසේ පිළිතුරු දුන්නේ සිය සම්බන්ධීකරණ ලේකම්වරයා රත්තරන් හෑරීමට ගියේ තමන් දැනුවත්ව බවට ෆොන්සේකා මහතා කළ චෝදනාවට.

සිද්ධියට අදාළ සම්බන්ධීකරණ ලේකම්වරයා සුදත් ජයසිංහ නැමැත්තෙක්.

ඔහු සමග තවත් අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙක් මෙසේ රත්තරන් හැරීමට ගිය බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 21:25