April 27, 2024

බැසිල් රට ගියේ මේ හේතුව නිසයි - අජිත් පී පෙරේරා

December 04, 2021

බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගියේ වැසිකිලි කෞතුකාගාරයක් බලන්න යැයි සමගි ජන බලවේගයේ හිටපු අමාත්‍ය මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කලේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වුවා,

"බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ ගියා. චීනය උතුරේ ව්‍යාපෘති වලින් ඉවත් වෙනවා. බැසිල් ඉන්දියාවේ ගියේ වැසිකිලි කෞතුකාගාරයක් බලන්න. යන්න ඕන අරමුණු ඉටුකර ගන්න සහ ඒවායෙන් ප්‍රයෝජන ගන්න. ලංකාවේ වැසිකිලි ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාවට ගිහින් හිඟාකනවා. ලංකාවේ මුදල් ඇමතිව ඉන්දියාව සලකන්නේ පහත් මට්ටමට. ඉන්දියාවේ බලපෑමට චීනය තමන් කරන සංවර්ධන ව්‍යාපෘතිවලින් ඉවත් වෙනවා. මේක ඉතාම බරපතළ තත්ත්වයක්. රටට මගක් නෑ. ජාත්‍යන්තර සම්බන්ධතා ඔක්කොම නැති කරගෙන."

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 20:19