May 05, 2024

කොටි ගබඩාවේ කැණීම් අවසන් - පතුරම් ලක්ෂ 2ක් ගොඩ ගනී (PHOTOS)

December 17, 2021

කිලිනොච්චිය කොරක්කන්කටු ප්‍රදේශයේ පිහිටි ඉඩමක වලදමා තිබියදී සොයාගත් ටී.56 පතුරම් හමු වූ ස්ථානයේ සිදු කල කැනීම් අවසන් වී ඇති අතර ටී.56 පතුරම් 187,559 ක් ඇතුලු තවත් පතුරම් තොගයක් හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

තෙවැනි දිනටත් ඊයේ (16) දිනයේදී කැනීම් සිදු කොට කැනීම් කටයුතු අවසන් කල අතර කැනීම් අවසානයේදී එම ස්ථානයේ තිබී ටී.56 පතුරම් 187,559 ක්, එම්.ජී.එම්.ජී පතුරම් 2400ක් සහ එම්.16 පතුරම් 800 ක් බැගින් හමු වූ බවට කැනීම් කටයුතු සඳහා සහය ලබාදෙන කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

එහිදී සිදු කරන ලද කැනීම් වලදී පතුරම් පෙට්ටි 145ක් සොයාගත් අතර එක් පතුරම් පෙට්ටියක ටී.56 උණ්ඩ 750 බැගින් ගබඩා කොට ඇති අතරම එම පෙට්ටිවල පතුරම් 108,750ක ප්‍රමාණයක් සොයාගත් අතර පෙට්ටි වලට අමතරව පිටතින් වලදමා තිබූ තවත් ටී.56 පතුරම් 78,809 ක් තිබී සොයාගත් බවටද පොලීසිය පැවසුවා.

පසුගිය 13 වනදා එම ස්ථානයේ ඉදි කිරීමක් සඳහා ඉඩම් හිමියා විසින් අත්තිවාරමක් කපන අවස්ථාවේදී එහි තිබී පතුරම් පෙට්ටියක් හමුවීමෙන් අනතුරුව පොලීසියට සිදු කරන ලද දැනුම් දීමකින් එම ස්ථානයේ තිබී ටී.56 පතුරම් 1500 ක් සොයාගත් අතර පසුව පොලීසිය විසින් එම ස්ථානයේ වැඩිදුර කැනීම් සඳහා කිලිනොච්චිය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව 15 වනදා සහ 16 වනදා එම ස්ථානයේ වැඩිදුර කැනීම් සිදුකරනු ලැබුවා.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනයන් සඳහා අදාල ස්ත්නයේදී පතුරම් ගබඩාවක් වශයෙන් යොදා ගෙන වලදමන්නට ඇති බවටත් අධිකරණ නියෝගයන්ට අනුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 12:07