May 08, 2024

කිලිනොච්චියෙන් උණ්ඩ 55,000ක් සොයා ගනියි (PHOTOS)

December 15, 2021

කිලිනොච්චිය කොරක්කන්කටු ප්‍රදේශයේ පිහිටි ඉඩමක සිදු කරන ලද වැඩිදුර කැනීමකදී ටී.56 පතුරම් 55,500 කට ආසන්න ප්‍රමාණයක් තිබී අද (15) දහවල් සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

පසුගිය 13 වනදා එම ස්ථානයේ ඉදි කිරීමක් සඳහා ඉඩම් හිමියා විසින් අත්තිවාරමක් කපන අවස්ථාවේදී එහි තිබී පතුරම් පෙට්ටියක් හමුවීමෙන් අනතුරුව පොලීසියට සිදු කරන ලද දැනුම්දීමකින් එම ස්ථානයේ තිබී ටී.56 පතුරම් 1500ක් සොයා ගත් අතර පසුව පොලීසිය විසින් එම ස්ථානයේ වැඩිදුර කැනීම් සඳහා කිලිනොච්චිය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව අද (15 ) දින එම ස්ථානයේ වැඩිදුර කැනීම් සිදු කර තිබෙනවා.

එහිදී සිදු කරන ලද කැනීම් වලදී පතුරම් පෙට්ටි 46 ක් සොයා ගත් අතර එක් පතුරම් පෙට්ටියක ටී.56 උණ්ඩ 750 බැගින් ඇති අතර සොයාගත් පෙට්ටිවල පතුරම් 34,500 ක ප්‍රමාණයක් සොයාගත් අතර පෙට්ටි වලට අමතරව පිටතින් වලදමා තිබූ තවත් ටී.56 පතුරම් 21,000 කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගත් බවටද පොලීසිය පැවසුවා.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනයන් සඳහා අදාල ස්ථානයේදී පතුරම් ගබඩාවක් වශයෙන් යොදා ගෙන වලදමන්නට ඇති බවටත් අදාල පතුරම් තොගය අධිකරණ නියෝගයන්ට අනුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)