May 08, 2024

පතුරම් ගබඩාවක් හමුවෙයි (PHOTOS)

December 16, 2021

කිලිනොච්චිය කොරක්කන්කටු ප්‍රදේශයේ පිහිටි ඉඩමක වල දමා තිබියදී සොයාගත් ටී.56 පතුරම් හමු වූ ස්ථානය යුද සමයේදී කොටි ත්‍රස්තයින් විසින් පවත්වාගෙන ගිය පතුරම් ගබඩාවක් බවට සැකපල කරන්නේ යැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

තෙවැනි දිනටත් අද(16) දිනයේදී කැනීම් සිදු කරනු ලබන අතර අද උදෑසන වන විට එම ස්ථානයේ තිබී ටී.56 පතුරම් 104,000ක්  හමු වී ඇති අතරම අදාල ස්ථානයේ කැනීම් සිදුකරන අතර එහි තවදුරටත් පතුරම් ගබඩාකොට ඇති බවට කැනීම් කටයුතු සඳහා සහය ලබාදෙන කිලිනොච්චිය පොලිස් විශේස කාර්ය බලකා කඳවුර පවසයි.

එහිදී සිදු කරන ලද කැනීම් වලදී මේ වන විට පතුරම් පෙට්ටි 65 ක් පමණ සොයාගත් අතර එක් පතුරම් පෙට්ටියක ටී.56 උණ්ඩ 750 බැගින් ගබඩා කොට ඇති අතරම සොයාගත් පෙට්ටිවල පතුරම් 48,750 ක ප්‍රමාණයක් සොයාගත් අතර පෙට්ටි වලට අමතරව පිටතින් වලදමා තිබූ තවත් ටී.56 පතුරම් 55,250 කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගත් බවටද පොලීසිය පැවසුවා.

පසුගිය 13 වනදා එම ස්ථානයේ ඉදි කිරීමක් සඳහා ඉඩම් හිමියා විසින් අත්තිවාරමක් කපන අවස්ථාවේදී එහි තිබී පතුරම් පෙට්ටියක් හමුවීමෙන් අනතුරුව පොලීසියට සිදු කරන ලද දැනුම් දීමකින් එම ස්ථානයේ තිබී ටී.56 පතුරම් 1500 ක් සොයාගත් අතර පසුව පොලීසිය විසින් එම ස්ථානයේ වැඩිදුර කැනීම් සඳහා කිලිනොච්චිය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව ඊයේ (15) සහ අද (16) දින එම ස්ථානයේ වැඩිදුර කැනීම් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනයන් සඳහා අදාල ස්ථානයේදී පතුරම් ගබඩාවක් වශයෙන් යොදාගෙන වලදමන්නට ඇති බවටත් අදාල පතුරම් තොගය හමු වූ ස්ථානයේ කැනීම් අවසන් වූ පසු  අධිකරණ නියෝගයන්ට අනුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

සබැඳි පුවත් : කිලිනොච්චියෙන් උණ්ඩ 55,000ක් සොයා ගනියි (PHOTOS)

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 December 2021 11:34