May 17, 2024

විදුලි සැර වද්දා අලියෙකු ඝාතනය කරලා (PHOTOS)

December 16, 2021

මන්නාරම මාන්තෙයි බටහිර පරප්පුකණ්ඩාල් ප්‍රදේශයේ පිහිටි වගා ඉඩමක විදුලිසැර වැදීමෙන් මිය ගිය වන අලියෙකුගේ සිරුරක් ඊයේ (15) සවස සොයාගත් බවට මන්නාරම් වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

පරප්පුකණ්ඩාල් ප්‍රදේශවාසීන් විසින් අදාල වන අලියාගේ මළ සිරුර දැක ඒ පිළිබඳව මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් වගාබිමට පැමිණ සිදු කරන ලද පරික්ෂණ වලදී අනාවරනය වී ඇත්තේ වන අලියාට විදුලිසැර වැදීමකින් මිය ගොස් ඇති බවට සැකපල කරන බවටයි.

කෙසේ වෙතත් වන අලියාගේ මරණ පරික්ෂණ කටයුතු සිදු කළ උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා නිගමනය කලේද වන අලියාට විදුලිසැර වැදීමක් හේතුවෙන් මිය ගොස් ඇති බවයි.

අනතුරුව වන අලියා මිය යාම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කල අඩම්පන් පොලීසිය විසින් විදුලිරැහැන් ඇදීම සම්බන්ධයෙන් සැකපිට අදාල වගා ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගෙන මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මිය ගිය වන අලියා අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන අතර ප්‍රදේශයේ සැරිසැරු තනි අලියෙකු බවටද  ප්‍රසිද්ධියට පත්ව ඇතැයි මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)