May 22, 2024

මංගල උත්සවයකට ගිය පුද්ගලයෙකු උඩු මහලෙන් බිමට වැටිලා

December 16, 2021

මංගල උත්සවයකට සහභාගි වෙමින් සිටියදී හෝටලයේ ඉහළ මහලයෙන් ඇදවැටීමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි තිදරුපියෙකු ඊයේ (15) මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති හදිසි මරණ පරික්ෂණ සාක්ෂි විභාගයේ දී අනාවරණය වුණා.

මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබුවා.

මියගොස් ඇත්තේ පාලටුවගමගේ චමින් ඉන්ද්‍රනාත් (42) නැමති වියන්ගොඩවත්ත, ගතාර නැගෙනහිර, කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි වරාය අධිකාරියේ සේවය කළ ආරක්ෂක නියාමකවරයෙක්. මොහු පසුගිය 10 වැනි දින රන්සැගොඩ ප්‍රදේශයේ  හෝටලයක පැවති මංගල උත්සවයකට සහභාගිවිම සදහා ගොස් තිබෙනවා. මංගල උත්සවයට සහභාගි වෙමින් සිටියදි මොහු හෝටලයේ දෙවැනි මහලේ වැට මතින් බිමට වැටී තිබෙනවා.  බිමට ඇද වැටිමෙන් බරපතල තුවාල ලැබු තුවාලකරු කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි ඊයේ (15) මියගොස් තිබෙනවා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

 

 

 

Rate this item
(0 votes)