April 27, 2024

(EXCLUSIVE) විශේෂ පොලිස් ඒකක හොර ගුහාවල් : මත්කුඩු ප්‍රවර්ධනය කරන්නේ ඒවාගෙන් - මෛත්‍රී

December 11, 2021

පොලිසියේ පිහිටුවා තිබෙන විශේෂ ඒකක අන්ත දූෂිත හොර ගුහාවල් බව ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කරනවා.

එම ඒකක කටයුතු කරන්නේ හැම අතින්ම මුදල් ඉපයීමේ (WIN WIN) පදනමින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මත් කුඩු ප්‍රවර්ධනය

මෙරට මත්කුඩු ව්‍යාපාරය නතර කිරීමට නොහැකිව තිබෙන්නෙත් මෙම විශේෂ ඒකක වල දූෂිත ක්‍රියා පිළිවෙත නිසා බවයි ඔහු අනාවරණය කරන්නේ.

එම ඒකක වල සිටින පුද්ගලයින් නීති විරෝධී කටයුතු කරන විවිධ පාර්ශව වලින් මුදල් ගෙන එම පාර්ශවවලට විරුද්ධ පාර්ශව විනාස කරන බවද ඔහු සඳහන් කරනවා.

එක අතෙකින් එසේ කරද්දී අනිත් අතින් විනාශ කරන ලද පාර්ශව වලින් අත් අඩංගුවට ගන්නා නීති විරෝධී දෑ පෙන්නා එයින්ද ප්‍රතිලාභ ලබන බවයි ගුණරත්න මහතා හෙළිදරව් කරන්නේ.

පෑලියගොඩ පිහිටුවා තිබෙන විශේෂ පොලිස් ඒකකය ඊට හොඳම උදාහරණය ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

විශේෂ කාර්ය බලකාය

මෙම විශේෂ ඒකක සියල්ල විසුරුවා හැර ඒ සියල්ල පොලිස්පතිවරයා යටතට ගත යුතු බව ඔහු සඳහන් කරනවා.

විශේෂයෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය මත්කුඩු ජාවාරම මර්ධනය කිරිම සම්බන්ධයෙන් දක්වන පිළිවෙත අගය කරන ගුණරත්න මහතා එම බලකාය කිසිදු භේදයකින් තොරව ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගන්නා බවද සඳහන් කරනවා.

හිටපු මධ්‍යම හා ඌව ආණ්ඩුකාරවරයාද වන මෛත්‍රී ගුණරත්න මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 December 2021 01:35

Related items