April 20, 2024

CCD ලොක්කා හදිසියේ ඉවත් කරයි Featured

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා හදිසියේ ඉවත් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන මහතා එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියේ ඔහුට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව යි.

එය සේවා අවශ්‍යතා මත ලබා දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන මහතාව ස්ථාන මාරු කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ පෞද්ගලික සහකාරවරයා බවට යි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා, වෛද්‍ය සේවා, පොලිස් සුභසාධන කොට්ඨාසය සහ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාරව කටයුතු කරනවා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 06 January 2022 05:56

Related items