March 28, 2024

පොහොට්ටු මන්ත්‍රී පුරාවිද්‍යා බිමේ ගල්කනු ගලවයි! ගෙනියන්නේ නම, කරපු වැඩ ගලේ කොටන්නලු (PHOTOS)

February 23, 2022

මුලතිව්, ඔඩ්ඩුසුඩාන් තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ ඉපැරණි ගල්කණු ගලවා රැගෙනයමින් සිටි හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු ඊයේ (22) දින අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසුවා.

තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට පිරිසක් උත්සහ ගන්නා බවට ලැබුණ තොරතුරක් මත පොලිසිය වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගල්කණු දෙකක් රැගෙනයමින් සිටියදී අදාල පිරිස අත්අඩංගුවට ගෙන ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ප‍්‍රධාන සැකකරුවකු වූ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා පොදුජන පෙරමුණේ වවුනියාව දිස්ත‍්‍රික් සංවිධායකවරයා වන අතර ඔහු උතුරු පළාත් සභාව නියෝජනය කළ මන්ත‍්‍රීවරයකු බවයි වාර්තා වන්නේ.

ඔහුගේ නම හා සිදුකළ සේවාවන් යොදා වවුනියාව ප‍්‍රදේශයේ ඵලකයක් නිර්මාණය කිරීම සඳහා අදාල ගල්කණු රැගෙන යාමට කටයුතු කර තිබූ බවද පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්, ලොරි රථයක් හා කුඩා දොඹකර ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථයේ රාජ්‍ය ලාංජනය සහිතව උතුරු පළාත් සභා මන්ත‍්‍රී ලෙස පුවරුවක්ද ප‍්‍රදර්ශනය කරමින් තිබූ බවද පොලිසිය පෙන්වා දුන්නා.

සැකකරුවන් විසින් කිසියම් ප‍්‍රදේශයක නිධන් හාරා පුරාවිද්‍යා ගල්කණු ලබාගෙන තිබේද යන්න පොලීසිය විමර්ශන සිදුකරයි.

සැකකරුවන් විසින් රැගෙනයමින් තිබූ පෞරාණික ගල්කණුවල හස්ථී පා සලකුණූ නිරූපනය වන බවත් එම ගල්කණු අඩි පහත්, හයත් අතර ප‍්‍රමාණයේ ඒවා බවත් පැවසෙනවා.

අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව, නොච්චියාගම, අනුරාධපුර, මහරම්භකුලම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන ඔඩ්ඩඩුසුඩාන් පොලීසිය ඒෂියන් මිරර් වෙත පැවසුවා. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 February 2022 18:45

Related items