April 26, 2024

අසාත් සාලි නිදොස් කොට නිදහස්

December 02, 2021

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ අසාත් සාලි මහතා අද (3) නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

එසේ ඔහුව නිදහස් කරනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව

අසාත් සාලි මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු මස 16 වැනි දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින්.

ඒ පසුගියමාර්තු 3 වැනි දින මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

පනත් දෙක

ඔහුව නඩු පැවරුවේ පනත් දෙකක් යටතේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ සාලි මහතාට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 13:06