March 28, 2024

රත්තරන් හාරන්න ගිය පොලිස් ඇමති සම්බන්ධීකරණ ලේකම්ගේ නම එළියට

December 02, 2021

පුදුකුඩුඉරිප්පු වල රත්තරන් හාරන්නට ගිය මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා මේ වන විට සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඒ බැව් සදහන් කරන්නේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා.

නම ප්‍රසිද්ධියට

මෙසේ ඉවත් කළ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නම ප්‍රසිද්ධ වී තිබෙනවා.

ඔහු සුදත් ජයසිංහ.

වේයන්ගොඩ වැඩේ

වේයන්ගොඩ වදුරව නිධන් හාරන වැඩේටත් සම්බන්ධ වී සිටියේ ඔහු බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සුදත් ජයසිංහ හැරුණුකොට මදුරංග පෙරේරා , ඉන්දික කෝරලගේ , චින්තක පෙරේරා හා රොජර් හර්ෆ්ට් යන අයද සරත් වීරසේකර මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරන අන් අය වනවා.

සරත් වීරසේකර අමාත්‍යවරයාගේ මෙම සම්බන්ධීකරණ ලේකම්වරයා සමග තවත් අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකුද මෙසේ රත්තරන් හෑරීමට ගිය බවයි වාර්තා වන්නේ.

Rate this item
(2 votes)
Last modified on Thursday, 02 December 2021 13:09