April 20, 2024

ඉවත් වු මුස්ලිම් මන්ත්‍රීවරු විශේෂ සාකච්ඡාවක Featured

ධුරවලින් ඉවත් වූ ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද(18) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඉදිරියේ දී ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හේතුවෙන් ආණ්ඩුවේ  මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පසුගියදා සිය ධුරවලින් ඉල්ලා අස්විය.

කෙසේවෙතත් ඉල්ලා අස්වු ඇතැම් අමාත්‍යවරුන්ට නැවත අදාළ ධුරවල කටයුතු කරන ලෙස විවිධ පාර්ශවවලින් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

ඒ පිළිබඳව සහ ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳව අද දිනයේ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Last modified on Tuesday, 18 June 2019 10:27

Related items